hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:01



2024 IPLතරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදිි අද පස්වරු 01 ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය මෙන්ම ලොව පුරා ක්‍රීඩාකයන් 333ක් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයන් 214 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 119 දෙනකු එම වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරේ.

ඒ සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනකුද ඉදිරිපත් කෙරෙන අතර IPL තරගාවලියට
සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොන්දේසි ඔවුන්ට අනුමැතිය ලබා දී ඇත.

වනිදු හසරංග,කුසල් මෙන්ඩිස්,දුෂ්මන්ත චමීර,ඩිලෂාන් මධුශංක, දසුන් ශානක,චරිත් අසලංක, ලහිරු කුමාර සහ නුවන් තුෂාර අද වෙන්දේසියට ඉදිරිපත් කෙරේ.

වනිඳු හසරංග වෙනුවෙන් ඉන්දීයානු රුපියල් කෝටි 1.5ක් ද, සෙසු ක්‍රීඩකයින් වෙනුවෙන් ඉන්දීයානු ලක්ෂ 50 බැගින් මුලික ලංසු තබා ඇත.

වනිඳු හසරංග සහ ඩිල්ෂාන් මධුෂංක වෙනුවෙන් ඉහළ වටිනාකමක් මෙම වෙන්දේසියේදී තබනු ඇති බව මත පළ වී තිබෙනවා.