2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 10:22
මෙවර පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශෂාන්ක් සිං නම් ක්‍රීඩකයා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට මිල දී ගැනීම අත් වැරදීමක් බව එම කණ්ඩායමේ සම හිමිකාරිත්වය දරන සුපිරි නිළි ප්‍රීති සින්ටා ප්‍රකාශ කර තිබේ.
ක්‍රීඩක වෙන්දේසියේදී ශෂාන්ක් සිං වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ අතර ප්‍රීති සින්ටා ප්‍රමුඛ පන්ජාබ් කළමනාකාරීත්වය ඔහුට ඉන්දියනු රුපියල් ලක්ෂ 20ක ලංසු තබා ඇත.
වෙනත් ඉල්ලීම් නොතිබුණු හෙයින් වෙන්දේසිකරු ශෂාන්ක් පන්ජාබ් කණ්ඩායම මිල දී ගත් බවට ස්ථීර කිරීමේ සංඥාව නිකුත් කළා.
පසුව මෙම ක්‍රීඩකයා අත්වැරදීමකින් මිලදී ගත් බව පන්ජාබ් කිංග්ස් හිමිකරුවන් ප්‍රකාශ කළත් විකුණා අවසන් නිසා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ශාෂාන්ක් සිං සිය කණ්ඩායම තුළ රඳවා ගන්නට සිදුවුණා.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51