hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:04



දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහට ඉක්මන් සුව පතා ආශිර්වාද බෝධි පුජාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී.

පසුගිය 17 වනදා පස්වරුවේ චාමර වීරසිංහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණේ ඇති වු ශ්වසන ආබාධයක් හේතුවෙන්.

පසුව එදින පස්වරුවේ ඔහුව දැඩිසත්කාර ඒකකයට යොමු කෙරුණා.

මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: