hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:02



දරුවෙකුට දෙමව්පියන්ගෙන් ආදරය රැකවරණය කියන්නේ මහමෙරක්.

ඒත් තරුණ ජීවිතයකට ආදරය තුරුල් වුණාම සමහර වෙලාවට ඒ ආදරය ලෝකයක්.

මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන.

මේ කතාව අපට වාර්තා වෙන්න නිවිතිගල ප්‍රදේශයෙන්.

නිවිතිගල කිරිබත්වල ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි මේ සිසුවිය මෙලෙස ආදර සම්බන්ධයක් ආරම්භ කර ඇත්තේ තම පාසලේම සම වයසේ සිසුවකු සමඟයි.

කොහොම වුණත් මවුපියන් මේ සම්බන්ධයට උරණ වීම හේතුවෙන් ඇය මෙලෙස ජීවිතයෙන් සමුගන්නට තීරණය කර තිබෙනවා.

මීට පෙරද මෙම සිසුවිය සිය දිවි නසා ගැනීමට තැත් කලත් එම අවස්ථා කීපයේම එය ව්‍යාර්ථ වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිවිතිගල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: