2023 දෙසැම්බර් 24, ප.ව. 1:36
            
ලබන පුර පසළොස්වක පොහෝදා සුනාමියක් ඇතිවිය හැකි බවට සමාජ මාධ්‍ය හා ජනතාව අතර පැතිර යන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අවධාරණය කරනවා.
කරුණානායක මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ, සුනාමියක් හෝ භූ කම්පනයක් සිදුවන වේලාවක් හෝ දිනයක් කල් තියා කිසිවෙකුට පැවසිය නොහැකි බවයි.
2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා බලපෑ සුනාමිය සිදුවූයේද එදිනට උදුවප් පුර පසලොස්වක පොහොය යෙදී තිබූ පසුබිමක වීම මෙම කතාබහට හේතුවක් වී ඇත.
මෙවරද උදුවප් පුර පසළොස්වක පොහොය යෙදී ඇත්තේ දෙසැම්බර් 26 වනදාටයි.
මේ හේතුවෙන් ජනතාව තුළ මේවන විටත් බියක් මතුව තිබේ.
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, යම් හෙයකින් භූ කම්පනයක් සිදුවි සුනාමි තත්වයක් ඇතිවුවහොත් එය කල්තියා දැනගැනීමට හැකි ක්‍රමවේදයක් රටතුළ ඇතිබවයි.
කෙසේවෙතත්, ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථාන සමග පැය 24 පුරා නිරන්තර අවධානයෙන් පසුවන බව පැවසීය.
ඒ හේතුවෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.
ලබන 26 සුනාමියක් පැමිණෙනු ඇතැයි සිතා දැනටමත් මුහුදු ආශ්‍රිැත ප්‍රදේශ වලට නොයන බව ප්‍රකාශ කරයි.
එයට ප්‍රධාන හේතුව නත්තල සහ පොහොය දිනය 2004 වර්ෂයේ මෙන් එක ලග පැමිණීමයි.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
28-10-25
                                            28-10-25
28-10-25
                                            28-10-25
27-10-25
                                            27-10-25
27-10-25
                                            27-10-25