hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 24, ප.ව. 2:44



නත්තල් දිනය සහ උදුවප් පුර පසලොස්වක පොහොය හේතුවෙන් ලබන සදුදා (25) සහ අඟහරුවාදා (26) දෙදින දිවයින පුරා පිහිටි බලපත්‍ර ලාභී සියලු මත් වතුරහල් වසා දැමීමට දැනුම් දී ඇතිබව සූරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවා.

ඒ අනුව නත්තල් දා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද “තාරුකා” වර්ගීකරණයට යටත් හෝටල් සදහා එම නියෝගය බල නොපාන බව පැවසුවා.

මේ අතර උදුවප් පුර පසළොස්වක පොහොය යෙදෙන ලබන 26 වනදා බලපත්‍ර ලාභී සියලු සුරා සැල් වසා දැමිය යුතුය.

මේ අතර උස්සව සමය හේතුවෙන් නීති විරෝධී මත් වතුර අලවි කරන පුද්ගලයන් සොයා සිදුකරන වැටලීම් වැඩිකර ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

නීති විරෝධී මත් වතුර අලවි කරන පුද්ගලයන් පිළිබඳව දන්නේනම් සූරා බදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: