2023 දෙසැම්‍බර් 26, ප.ව. 6:34
කොළඹ විහාරමහා දේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ මහජන පැමිණිලි ගත වූ මාස දෙක තුළදී පමණක් දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය විසින් අවධාරණය කරනවා.
මෙම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව,පොලිසිය සඳහන් කළේ, දිනකට සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන අතර එම පැමිණිලි සම්බන්ධයෙන් එම මොහොතේදීම සොයා බලා විසඳන බවයි.
කොළඹ මහ නගර සභාව සහ පොලිසිය එක්ව මෙම සොයා බැලීම් සිදුකරන අතර එහිදී අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් වේ නම් ඔවුන් එම මොහොතේම පොලිසිය වෙත රැගෙන ගොස් අවවාද කර පිටත් කරනු ලබන බවයි කුරුඳුවත්ත පොලීසිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් වැඩි දුරටත් කළේ, ගත වූ මාස දෙකට සාපේක්ෂව පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි සහ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා නොවූ බවත් ඊට හේතුව එම උද්‍යානය තුළ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කර ඒ හරහා දැනුවත් කිරීම බවයි.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34