hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ජූනි 09, ප.ව. 4:27



රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යැයි ස්ථාවර නියෝග 121/1 හි පැහැදිලිව තිබෙන නමුත් කථානායකවරයා ස්ථාවර නියෝග අත්හිටුවා එම තනතුර ආණ්ඩු පක්ෂයට දුන් බවට විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළා.

” ඉතින් මේක නිවැරදි කරන්න. ඔබතුමා විශාල වැරුද්දක් කළේ” යනුවෙන් ද කිරිඇල්ල මහතා පැවසුවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මහතා එහිදී “ඒක මම කරපු වැරුද්දක් නෙවෙයි. ඔබතුමන්ලා සභාවේ ගත්ත තීරණයක්.ඒකට මට චෝදනා කරන්න එපා.” යනුවෙන් පැවසුවා.

පසුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැවත සඳහන් කළේ “ඔබතුමා කවුරුවත් නැති දවසක නිලධාරීන් සමග මේක හොරෙන් දැම්මා” යනුවෙනුයි.

“කවුරුත් නැති දවසක මට තීරණ ගන්න බෑ. ඔබතුමා අභූත චෝදනා කරන්න එපා.” යනුවෙන් කතානායකවරයා සඳහන් කළා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ “ඔබතුමා ඔතන ඉදන් දේශපාලනය කරන්නේ. ඔබතුමා තමයි මේ රටේ ප්‍රශ්න සියල්ල ඇති කළේ. අපි මේකට යෝජනා කළේ හර්ෂද සිල්වා මන්ත්‍රී තුමායි.” යනුවෙනුයි.