hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 ජනවාරි 19, පෙ.ව. 12:41



සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති T20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාව ලැබුණා.

ඒ තුන්වැනි සහ අවසන් T20 තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමත් සමඟය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 14.1කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 82ක් පමණයි.

බ්‍රයන් බෙනට් ලකුණු 29ක් ලබා ගත්තා.

වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 4ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 14කට කඩුලු 2ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 15කට කඩුලු 2ක් ද, දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් ලබා තරගය ජය ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 33ක් ද, පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39ක් ද, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් ද ලබා ගත්තේය.

තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග ද තරගාවලියේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද සම්මාන දිනා ගත්තාය.