2024 ජනවාරි 20, පෙ.ව. 12:04
කොළඹ නගරයේදී රථවාහන වැරදි කරන රියැදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන එම රියැදුරන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවේ ඊයේ (18 දා) කියා සිටියා.
රථවාහන වරදට අදාළ වීඩියෝ පටය ද එම වරද සිදුකරන රියැදුරන් වෙත යැවීමට කටයුතු කරන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියි. ඒ අනුව රථවාහන ආලෝක සංඥා, මාර්ග සංඥා, සුදු ඉර මත නොනවත්වා වාහන ධාවනය කිරීම ඇතුළු රථවාහන පාවිච්චියේදී සිදුකරන වැරදි සම්බන්ධයෙන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනා ගැනීමට පොලිස් රථවාහන අංශය කටයුතු කරයි.
එහිදී වැරදි සිදුකරන රියැදුරන් හඳුනාගෙන එම වැරදි සිදුකරන වාහන පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඒ ඔස්සේ එම රියැදුරන් පදිංචි පොලිස් බලප්‍රදේශය වෙත දඩ පත්‍රිකා යැවීමට පොලිසිය පියවර ගනී.
ඒ අනුව අදාළ වරද සිදුකරන රියැදුරුට එම පොලිස් ස්ථානය වෙත පැමිණ තමන් සිදු කළ වැරදට අදාළ දඩය ගෙවා දැමීමට සිදුවනු ඇත.
මේ ආකාරයට කොළඹ නගරය තුළ රථවාහන වැරදි සිදුකරන රියැදුරන් හඳුනාගැනීම සඳහා සීසීටීවී කැමරා පද්ධති පරීක්‍ෂාවට වෙනම පොලිස් කණ්ඩායම් යෙදවීමට නියමිතය.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:15
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:11
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:18
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:12