hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 ජනවාරි 21, ප.ව. 1:18



වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා.

සාමාන්‍යයෙන් රජයේ නිලධාරිනියන් සේවා ස්ථානය සඳහා සාරිය භාවිත කරන අතර එහිදී සිදුවන අපහසුතාවයන් හේතුවෙන් මෙම නව නිල ඇඳුම හඳුන්වා දී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම එම නිලධාරීන් විශ්වාස කරන්නේ, පවතින ආර්ථික දුශ්කරතා හමුවේ මෙම නව ක්‍රමවේදය හරහා සහනයක් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඔවුන් සමාජ මාධ්‍ය වෙත සටහනක් ද තබා තිබුණා.

එලෙස සමාජ මාධ්‍යයේ පළවූ සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: