hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 22, පෙ.ව. 1:32



වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 48.3කදී ලකුණු 204ක් ලබා ගත්තා.

දිනුර කළුපහන ලකුණු 60ක් ද, ෂරුජන් ශම්මුගනාදන් නොදැවී ලකුණු 41ක් ද,රුසඳ ගමගේ සහ රවිෂාන් ද සිල්වා ලකුණු 31 බැඟින් ලබා ගත්තේය.

Kohl Eksteen ලකුණු 40කට කඩුලු 3යි.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 22කදී ලකුණු 129ක හිමිවුණා.

එම ඉලක්කය හඹා ගිය ඔවුන් සියලු දෙනා පන්දුවාර 21.1කදී ලකුණු 89කට දැවී ගියා.

මල්ෂ තරුපති ලකුණු 17කට කඩුලු 4ක් ද,විශ්ව ලහිරු සහ රුවිෂාන් පෙරේරා කඩුලු 2ක් බැගින් දවා ගත්තා.