2024 ජනවාරි 24, පෙ.ව. 12:04
නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ මෙම නිවාස හිමිකම් ඔප්පු දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර ඇත්තේ හිමිකම් ඔප්පු ලබාදීමේදී නිවාස හිමියන්ට ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුද්ල ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන මුදල මහා භාණ්ඩාගාරය මඟින් දැරීමට නියමිත බවයි.
මෙම නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින ඔහුගේ උරුමකරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබාදිය යුතු බවද කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා.
මෙම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත්කර ඇති අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාල නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතයි.
2026 මාර්තු 20, ප.ව. 12:55
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
2026 මාර්තු 20, පෙ.ව. 12:17
2026 මාර්තු 20, පෙ.ව. 12:13
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26