2022 ජූනි 13, ප.ව. 2:51
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම ඊයේ (12) පස්වරුවේ යෙදී තිබුණද පැවති විරෝධතාවක් හේතුවෙන් ධාතු තුන්පත් කිරීම තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසුවා.
දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ දින කුරුන්දි විහාරයේ සංරක්ෂණය කෙරුණු චෛත්‍ය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබීම හේතුවෙන් සර්වඥ ධාතු තැන්පත් කිරීම කල්දැමීමට පියවර ගෙන තිබුණා.
මේ පිළිබඳව අදහස් පල කර සිටි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියා,
“අධිකරණ නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක නොවිය යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදු කරගෙන යන සංරක්ෂණ කටයුතු ඇතුලු පුරාවිද්‍යාත්මක කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ පිහිටි ආයතන දැනුවත් කොට සිදු කල යුතු බවටත් එවැනි කටයුතු සිදු කිරීමේදී මහජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදු නොවන ආකාරයට කටයුතු කරන්න කියලයි. මේ නිසා ඊයේ දින කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙලා තියෙනවා කියලා සැකයක් තියෙන්නේ. ධාතු තැන්පත් කිරීමේ අවස්ථාවට ත්‍රෛයිනිකායික උත්තරීතර සංගයා වහන්සේ ඊයේ දින මෙම ප්‍රදේශයට වැඩම කරා. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුලු නිලධාරීන්ද මෙම පූජා භූමියට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීම සිදු වුනා. එහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් විසින් මුලතිව් දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අදාල විරෝධතාකරුවන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සිදු කිරීමට එකඟ වී තිබෙනවා. ඉන්අනතුරුව පසු දිනක තමයි මෙහි නැවත සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුවන්නේ.”
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42