hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:14



මෙරට පූර්ව ළමා වියේ පසුවන ළමුන්ගේ ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර ඇත.

  ඔහු පෙන්වා දෙන්නේ සිදුකළ සමීක්ෂණයකට අනුව පූර්ව ළමාවියේ ළමුන්ගෙන් සියයට 64ක් දිනකට පැය භාගයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක නරඹමින් කාලය ගත කරන බවට අනාවරණය වී  තිබේ.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කුඩා දරුවෙකු ඩිජිටල් තිර භාවිතා කළ යුතු වන්නේ දිනකට පැය භාගයට අඩු කාලයක් බව ය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෙර පාසල් දරුවන්ට සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් මෙන්ම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසකි  

“ලංකාවේ 64%ක් ළමයි Screen Time එක ඒ කියන්නේ ෆෝන් එකේ හෝ පෑඩ් එක වෙන්න පුළුවන් දවසට විනාඩි 30ට වඩා වැඩියි. මේක විනාඩි 30ට අඩු විය යුතුයි කියන එක තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකවල තියෙන්නේ. මේ අතර ළමයින්ගෙන් 32%ක් පමණ දවසකට පැය 10 – 11කට වඩා අඩු කාලයක් නිදාගැනීම. ළමුන් 43%ක් පමණ ආහාර ගන්නා විට Screen එකත් එක්ක ආහාර ගන්නේ. මේක උගුරෙන් පහළට යද්දි කෑම ගැන ළමයින්ගේ ඔළුවේ නැතුව ඇති. මේ අතර 80%ක් පමණ ළමයි තමා දෙපාරක් දත් මදින්නේ.” එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, “ළමයින් ගැන බලාකියා ගන්නා උදවිය දෙමාපියන් හෝ පුර්ව ළමාවිය පාසලක ඉන්න කෙනෙක් වේවා 56%ක් පමණ ළමයින් එක්ක කේන්ති ගැනීමේ තත්ත්වය සහ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අඩු ප්‍රමාණයක් තමා පියවරු දරුවා සමඟ සම්බන්ධ වෙන්නේ. ළමයි කියන්නේ අම්මා බලාගන්න ඕනේ කෙනෙක් බවට පත්වෙලා. 53%ක් තමා පියවරු ළමුන් ගැන සමීපව කටයුතු කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: