hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:16



රට තුළ භාවිත වන උපත් පාලන පෙති වර්ගවල දැඩි හිඟයක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. සැපයුම්කරුවන් දැනුම් දී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් උපත් පාලන පෙති සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් යටතේ අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීමට නොහැකි බවයි.

ඒ අනුව නව තොග ඇණවුම් නොලැබී යාම මෙම හිඟය මතුවීමට ප්‍රධාන හේතුව වී ඇති අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය හරහා බෙදාහරිනු ලබන උපත් පාලන පෙති මෙලෙස හිඟවීම හේතුවෙන් මෙරට කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, මිල සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

කෙසේවෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව බංග්ලාදේශයෙන් අදාළ පෙති වර්ග ආනයනය කිරීමට මේ වන විට අවසර හිමිව ඇති බව හෙතෙම ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ඉදිරි සති දෙකක කාලය ඇතුළත ‘මිතුරි’ උපත් පාලන පෙති ඇතුළු ඊට අදාළ අනෙකුත් ආදේශක ඖෂධ මෙරටට ගෙන්වීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.  

https://www.facebook.com/share/v/1EJknGTcqF/




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: