2024 ජනවාරි 26, ප.ව. 4:44
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
අදාළ හිඟ බිල්පත් ගෙවීමෙන් අනතුරුව අද (26) දහවල් දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.
විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පසුගිය 24 වනදා සිට විදුලිය විසන්ධි කර තිබූ අතර මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වී තිබුණි.
කෙසේවෙතත් විදුලි බිලට අදාළ ගාස්තු චෙක් පතක් මගින් ගෙවන බවට දැනුම්දී තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙලෙස විදුලිය විසන්ධි කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:07