2024 ජනවාරි 29, පෙ.ව. 12:05
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
ඒ අනුව මෙම ජයත් සමග ඔස්ට්‍රේලියාව අපරාජිතව සුපිරි 06 වටයට සුදුසුකම් ලැබුවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවද සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 208ක් රැස්කර ගැනීමට සමත් වුණා.
දිනුර කළුපහන ලකුණු 64ක් ද,රවිෂාන් ද සිල්වා ලකුණු 30ක් ද ලබා ගත්තේය.
කැලම් විල්ඩර් ලකුණු 28කට කඩුලු 03ක් දවාගත් අතර මහී බෙයාඩ්මන් කඩුලු 02ක් දවාගත්තේ ලකුණු 30ක් ලබාදෙමිනි.
ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 209ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් එය පන්දුවාර 48.5කදී කඩුලු 04ක් පමණක් දැවී සපුරා ගත්තා.
රයන් හික්ස් නොදැවී ලකුණු 77ක්ද හැරී ඩික්සන් ලකුණු 49ක්ද ටොම් කැම්බල් නොදැවී ලකුණු 33ක්ද රැස් කරගත්තා.
පන්දු යැවීමේදී විශ්ව ළහිරු ලකුණු 24කට කඩුලු 02ක් දවා ගත්තා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41