hit counter

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

2024 ජනවාරි 29, ප.ව. 1:36



ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ මහතා පත් කර තිබෙනවා.

මේවන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාද වන්නේ ප්‍රභාත් මාතරගේ මහතායි‍‍‍.

ඔහු ඒෂියන් මිරර් වෙබ් අඩව්යේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙසත්, ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් සහ වෙබ් සංස්කාරකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය ඇතුළු පෞද්ගලික ඩිජිටල් මාධ්‍ය ආයතන රැසකද තනතුරු හොබවා ඇති අතර අත්දැකීම් බහුල, පළපුරුදු සහ පරිණත මාධ්‍ය පරිපාලකයෙක්.

ප්‍රභාත් මාතරගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන හදාරා ඇති අතර පරිගණක විද්‍යාව සහ විද්‍යුත් මාධ්‍ය කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වෙනවා.

ඔහු හෝමාගම මහා විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.