hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2024 පෙබරවාරි 01, පෙ.ව. 12:02



නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවා.

එම නව රැකියා බිහි වූ පසු  පවුල් ඒකක 200000ක ආර්ථීකය ශක්තිමත් වනු ඇතැයි ද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළා.

අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව කියා සිටියා.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

කෘෂිකර්මාන්තය, ධීවර, ස්වයං රැකියා, වෘත්තීය පුහුණුව, තාක්ෂණික පුහුණුව, භාෂා දැනුම, කාර්මික , පශු සම්පත්, නිශ්පාදන, ඉඩම් පරිහරණය, මානව සම්පත් සංවර්ධනය, විකල්ප බලශක්ති ක්‍ර‍මවේද, විවිධ සේවාවන් ඇතුළු ව්‍යාපෘති රැසකින් ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කර ‍ඇතැයිද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: