hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:04



උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ප්‍රමාද වුවහොත් මෙම වසරේ පැවැත්වීමට ඇති සියලු විභාග කල්යාමේ අවදානමක් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේවනවිට පවතින අධ්‍යාපනයේ ගමන් මගට බාධා කරන ඕනෑම සුළු සිදුවීමකින් පවා පාසල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

විභාග කල්යාම පමණක් නොව සම්පූර්ණ පාසල් පද්ධතියේ ක්‍රියාවලියම මෙවැනි ක්‍රියා හේතුවෙන් අඩාල වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ගැටළුකාරී තත්ත්වය මතුවුණේ ඉකුත්දා පැවැති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරුන් තීරණය කිරීම හේතුවෙනි.

දෛනිකව ගෙවනු ලැබූ දීමනාව මෙවර ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන ගත් බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ගිය වසරේ මෙන් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව කිසිඳු ගැටළුවකින් තොරව මෙවර ද ලබාදීමට පියවර ගන්නා බවයි,අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ පස්වරුවේ නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: