hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 03, ප.ව. 7:30



ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 410ක් ලබා ප්‍රභල තත්ත්වය පසුවිය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් ද ලබා ගත්තේය.

චන්දිමාල් අද සිය 15 වැනි ටෙස්ට් ශතකය ද මැතිව්ස් සිය 16 වැනි ටෙස්ට් ශතකය ද වාර්තා කළා.

මෙම තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලබා ගත්තේ ලකුණු 198ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 212ක් ඉදිරියෙන් සිටිනවා.

SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ හෙට තුන්වැනි දිනයයි.