hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 07, පෙ.ව. 12:00



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය ඊයේ (06) උදෑසන 10ට සීමාකිරීම නිසා අද (07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් කියා සිටිනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මේ හේතුවෙන් අද දිනයට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ගැනීමට නොහැකි වූ බවය.

උදෑසන10ට පෙර ඉන්ධන ඇනවුම් කිරීමට සියලුම පිරවුම්හල් හිමියන්ට අවස්ථාවක් නොමැති බව ඔවුන් කියා සිටිනවා.

මේ හේතුවෙන් අද දිනයේ ඇතිවන ඉන්ධන හිඟයට තම සංගමය ඇතුළු පිරවුම්හල් වග නොකියන බව ද බෙදුම්කරුවන් පෙන්වා දෙනවා.

ඉන්ධන අලෙවිය සීග්‍ර ලෙස පහත වැටීම නිසා ඉන්ධන සඳහා උදෑසන 10ට පෙර මුදල් තැන්පත් කිරීමට බෙදුම්කරුවන්ට අපහසු බැවින් බෙදුම්කරුවන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් චෙක්පත් පහසුකම ඉල්ලා තිබෙනවා.

නමුත් ඔවුන් කියා සිටින්නේ සංස්ථාව මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: