hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 08, පෙ.ව. 11:06



පක්ෂ නායකත්වය විවේචනය කරන සහ පක්ෂයේ සාමූහික තීන්දු කඩකරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

එසේ නොවුන හොත් පක්ෂයේ විනය පිරිහෙන බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇති බවද වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අවස්ථාවේදී ඊට විරෝධය පාමින් මුළු කණ්ඩායමම සභාවෙන් ඉවත්වීමට තීරණයක් ගෙන තිබු අවස්ථාවක එය නොසලකා හරිමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභාගර්භයේ රැදී සිටියහ.

කණ්ඩායමක් ලෙස ගන්නා එවැනි තීන්දු පැහැර හරින මන්ත්‍රීවරුන් ගැනද අවධානයෙන් සිටින ලෙස පක්ෂ නායකත්වය පක්ෂ මහලේකම්වරයාට දන්වා තිබෙන බවද දැන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: