2024 පෙබරවාරි 13, ප.ව. 2:40
මෙරට අධ්‍යාපන පද්ධතියට කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාව හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වනවා.
පසුගිය වසරේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් කෘතිම බුද්ධියට අදාළ ජාතික උපාය මාර්ගයක් සහ සැලසුමක් සකස් කිරීම සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශයන්ට අනුව මෙම පාඨමාලාව හඳුන්වාදීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.
මෙලෙස අදාළ යෝජනාව සඳහා මයික්‍රසොෆ්ට් ආයතනයෙන්ද සහාය හිමිවන බව වාර්තා වෙනවා.
ඒ අනුව මයික්‍රසොෆ්ට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති පාසල්වල 08 වන ශ්‍රේණියේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අනුමැතිය හිමිව තිබීම විශේෂත්වයක්.
මයික්‍රසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ මෙම ව්‍යාපෘතියට තෝරාගත් පාසල් ඩිජිටල්කරණය කිරීම සිදුකළ යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසේම මයික්‍රසොෆ්ට් ආයතනය මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන් 100ක් පුහුණුකරුවන් වශයෙන්ම පුහුණු කළ යුතු බවටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.
2026 ජනවාරි 01, ප.ව. 9:14
2026 ජනවාරි 01, ප.ව. 8:55
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25