hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2024 පෙබරවාරි 15, ප.ව. 2:19



ශ්‍රී ලංකා මහා බැංකුව මගින් තහනම් කර ඇති නීති විරෝධී පිරමීඩ ගනුදෙනු වල නිරත වූ ඔන් මැක්ස් ආයතනයට එරෙහි නඩුව අද (15) විභාගයට ගැනීමට නියමිතයි.

එම නඩුව ඔන් මැක්ස් ආයතනයට එරෙහිව පවරා ඇත්තේ රජය විසින්.

මේ අතර එම ආයතනයේ ආයෝජනය කළ මුදල් අහිමි වූ පුද්ගලයින් මේ වන විට සිය මුදල් ලබා ගැනීම සඳහා එම ආයතනයට එරෙහිව සංවිධානාත්මකව විරෝධතා පවත්වමින්ද සිටිනවා.

එවන් එක් විරෝධතාවක් මීට ටික දිනකට පෙර කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්වුවා.

ඔන් මැක්ස් ආයතනයේ සිය මුදල් ආයෝජනය කර එම මුදල් ලබා ගැනීමට නොහැකි වූ දහස් ගණනක් පුද්ගලයින් මේ වන විට අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.