2024 පෙබරවාරි 20, ප.ව. 12:32
ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසු වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් “අලුත් පාර” වැඩසටහනට එක්වෙමින්.
එම සාකච්ජාව අතරතුරදී වෛද්‍යවරයා පැවසුවේ රෝහල් කාර්යමණ්ඩල සේවකයින්ගේ, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ හා දේශපාලන අතකොලුවල ක්‍රියාකලාපය නිසා නිසා තමාට බලපෑම් එල්ල වන බවයි.
එම කිසිදු හේතුවක් නිසා තමා ජනතාව වෙනුවෙන් සිදු කරන සත්ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බවත් තමන් විශ්‍රාම ගතහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින වංචා දුෂණ රාශියක් හෙළි කරන බවත් ඔහු වැඩිදුරටත් වැඩසටහනේදී අදහස් ප්‍රකාශ කළා.
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56