2024 පෙබරවාරි 21, ප.ව. 12:48
ඊයේ 2024 සුමති සම්මාන ප්‍රධානෝත්සවය අතිශය උත්සවාකාරයෙන් පැවැත් වුණා.
ක්ෂේත්‍ර කිහිපයක විශිෂ්ඨයින් සඳහා සම්මානමය ඇගයීමක් ඊයේ රාත්‍රියේ ලබා දුන්නා.
ඒ අතරින් අද උදේ වෙද්දි ගොඩ දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා තියෙන්නේ ඊයේ සුමති වේදිකාවේ වුණ අපූර්වතම සහ සංවේදී සිදුවීම ගැන.
ඒ තමයි එදා මෙදා තුර ප්‍රසංග වේදිකාව ගීතයෙන් වර්ණවත් කල ආදරණීය ප්‍රිය ගායන තරුව ප්‍රියා සූරියසේනට දිවියේ එක්වරක් පිදෙන යූ.ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබීම.
එදා වේදීකාවේ නැගී සිට රසික හදවත් සැනසූ ප්‍රියා රෝද පුටුවකින් වේදිකාවට එනවා දකින්නට කවුරුත් කැමැත්තක් නැහැ.
වචන දහස් ගණනකට ඉමිහිරි හඬින් රසයක් දුන්න ඔහුට දැන් නිසියාකාරව වචන හසුරුවා ගන්නටත් බැහැ.
හැබැයි ඔහු ඉදිරියේ ඔහුගේ හඬින් ගැයූ ගීත රාශියක් උමාරාගේ ආදරණීය සිසුන් සමගින් යුගයේ ජනප්‍රියම තරු ගයද්දී ප්‍රියා විතරක් නෙවෙයි ප්‍රියාගේ බිරිඳත් දියණියත් සංවේදී වුණා.
ඒ සංවේදී බව තවත් වැඩි වුණේ ඔහු වේදිකාවේ සිටියදී පැමිණ සිටි කලා තරු ඔහුගේ ගීයක් ගයමින් ඔහුට උපහාර දැක්වීම.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26