hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 පෙබරවාරි 23, පෙ.ව. 12:06



ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළ පවතින පෝලිම් අවම කිරීම සඳහා E Passport සේවාව හඳුන්වා දීමට සූදානම් වන බව අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය හේතුවෙන් නැවත වතාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට යළිත් පෝලිම් වැඩි වී තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එනිසා පවතින එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කර විභාගය සමත් වන පුද්ගලයින් සඳහා පමණක් දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වන බවද සදහන් කරයි.

තවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නව හැඳුනුම්පත ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදනම් කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: