hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 23, ප.ව. 3:44



බදු ලියාපදිංචියේදී TIN අංකයක් නිකුත් කිරීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී එම අංකයම ටින් අංකය ලෙස භාවිත කිරීමට යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාව සකස් කෙරෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

ඊට අදාළ යෝජනාව සකස් කරමින් පවතින බවද හෙතෙම ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඇමැතිවරයා පවසන ආකාරයට ඒ සඳහා ආයතන 06කින් නිර්දේශ ඉල්ලා තිබෙනවා.

මේ වනවිට ඉන් ආයතන 4 ක් නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: