hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2024 මාර්තු 01, පෙ.ව. 12:11



පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

එහි එක් පියවරක් ලෙස තෝරාගත් පෙළපොත් ඛාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විට අවශ්‍යය පියවර ගෙන තිබෙන බව එම නිවේදනයේ සඳහන් වනවා.

තවද සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස්කර ඇති වැඩපොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පති සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවද එම නිවේදනයේ සඳහන්.

එම අදාළ නිවේදනය පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: