hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2024 මාර්තු 02, පෙ.ව. 12:05



ලොව පුරා රටවල් බිලියනයකට අධික ජනතාව තරබාරුව හෙවත් අධික ස්ථූලතාවයෙන් පීඩා විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා.

ඒ අනුව 1990 සිට 2022 දක්වා තරබාරු සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති අතර ස්තූලතාවයෙන් පෙළෙන වයස අවුරුදු 05 සිට 19 දක්වා දරුවන්ගේ මෙන්ම යොවුන්වියේ පසුවනක්ගේ ද සංඛ්‍යාව සිව් ගුණයකින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ බව අනාවරණය වී ඇත්තේ ලොව පුරා මිලියන 220කට වැඩි පිරිසකගෙන් එක් රැස් කර ගන්නා දත්ත මත සිදුකරන සමීක්ෂණයකට අනුවයි.

මීට පෙර අධික ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයින් ධනවත් රටවලින් වාර්තා වූ අතරින් මේ වන විට ස්ථූලතාවයෙන් පෙනෙන පුද්ගලයින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින්ද වාර්තා වී ඇති බවට සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: