hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 මාර්තු 03, පෙ.ව. 12:08



යොහානි හෙට්ටිආරච්චි ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ තුළින් ළමා කාලයේදීම රසිකයන් අතරට පිවිසුන දක්ෂ රංගන ශිල්පිණියක්.

ටෙලිනාට්‍ය 13කට, චිත්‍රපට 12කට, වෙළඳ දැන්වීම් 67කට මේ වෙනකොටත් පෙනී සිට ඇති ඇය යොහානි හෙට්ටිආරච්චි.

පොඩි කාලෙදීම රංගන ශේෂ්ත්‍රයට පැමිණ ඉතා ජනප්‍රියතත්වයට පත් වන්නට සමත් වුනා.

අවුරුදු තුනේදී මුලින්ම යොහානි පෙනී සිටියේ වෙළද දැන්වීම්වලට.

ළමා රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසුණු යොහානි මේ වනවිට යොවුන් රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් පැමිණ තිබෙනවා.

හිරු රූපවාහිනි නාළිකාවෙන් විකාශනය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ “සකුණි“ ලෙස ඔබේ ආලින්දයට ගොඩවෙනවා.

ගෙවුණු දවසක ඇය සිය සමාජ මාධ්‍ය වේදිකාවන්ට අපූරු ඡායාරූප ද්විත්වයක් එක්කාසු කරලා තිබුණා,

”ජීවිතේ ඉඩෝර සෘතුවක් මැද

ප්‍රේමයේ ඔටුන්න පැලදුවා නුඹ..” යන සටහනත් එක්ක.

ඒවා නිකන්ම නිකන් සේයා රූ නෙවෙයි…

ඒවායෙහි උන්නෙ ජනප්‍රිය ගායක සුදීර ඩිල්ෂාන්.

ඔහු යොහානිට විවාහ යෝජනාවක් කරන මේ ඡායාරූප සෑහෙන්න කතාබහට ලක්වුණේ සුබපැතුම් රැසක් එක්ක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: