hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 මාර්තු 04, ප.ව. 3:56



පොලිස්පති පත්කිරීම සදහා ව්‍යවස්ථාදායකය සභාවේ අනුමැතිය ලැබුණු ආකාරය පිලිබදව හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.

පැහැදිලිවම පරාජය වුණු යෝජනාවක් සම්මත වූවායැයි කතානායකවරයා පැවසීම නීතිවිරෝධී බවද විපක්ෂනායකවරයා කියා සිටියා.

ඒ අනුව මේ ගැන ආණ්ඩුවේ අවධානය දැඩිව යොමුකරන බවද එම පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ භාරදීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: