2022 අප්‍රේල් 18, ප.ව. 6:55
නව රාජ්‍ය ඇමැතිවරුන් 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (18) පස්වරුවේදී ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්නා.
ඒ අනුව ගීතා කුමාරසිංහ, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ගුණපාල රත්නසේකර, කපිල නුවන් අතුකෝරළ, ගයාෂාන් නවන්දන, සුරේන්ද්‍ර රාඝවන් යන මන්ත්‍රීවරුන්ටද නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුළත්.
නව රාජ්‍ය අමාත්‍යවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය සුරේන් රාඝවන් මහතාට ද රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.
මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර් මහතාටද රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.
ඔහුට හිමිව ඇත්තේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

2026 ජනවාරි 10, පෙ.ව. 12:15
2026 ජනවාරි 10, පෙ.ව. 12:11
2026 ජනවාරි 10, පෙ.ව. 12:10
2026 ජනවාරි 10, පෙ.ව. 12:09
2026 ජනවාරි 10, පෙ.ව. 12:05