2024 මාර්තු 09, ප.ව. 5:07
ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ඊයේ (08) දින රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි විම නිසා ශ්‍රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි වෙලදසැල් හිමියන් සම නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් හිමියන් දැඩි අසිරුතාවයට පත්ව තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.
ඊයේ (08) දින රාත්‍රි 6.30 සිට අවස්තා තුනකදි මෙලෙස විදුලි බලය විසන්ධි වු බවත්, රාත්‍රි 11 පමණ වන තෙක් වරින් වර පැයක පමණ කාලයක් විදුලි බලය විසන්ධි වු නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විදුලි බලය යලි යථා තත්ත්වයට පත් වන තෙක් එම මාර්ගයේම රැදි සිටි බවයි වන්දනාකරුවන් කියා සිටින්නේ.
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බවත්, (08) දින රාත්‍රියේ අවස්ථා තුනකදි වරින් වර නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා විදුලිය විසන්ධි වු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.
මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට 25% පහල බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරයෙකු පැවසුවා.
2025 මැයි 19, ප.ව. 6:03
2025 මැයි 19, ප.ව. 3:56
2025 මැයි 19, ප.ව. 3:25
2025 මැයි 19, ප.ව. 1:07
2025 මැයි 19, ප.ව. 12:57