2024 මාර්තු 11, පෙ.ව. 12:07
Whatsapp හරහා ආගමට අපහාස වන ආකාරයේ පණිවිඩ හුවමාරු කිරීමේ චෝදනාවක් මත පකිස්ථානයේ සිසුවෙකුට එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා අවධාරණය කර සිටිනවා.
එම වාර්තාවේ සඳහන් වන්නේ, පකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) මඟින් මෙම 22 හැවිරිදි සිසුවාට එරෙහිව 2022 වසරේ දී නඩු පවරා තිබෙන අතර, එම නඩුවට අදාළව 17 හැවිරිදි තවත් සිසුවෙකුටද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බවයි.
එහිදී එම 17 හැවිරිදි සිසුවාට මරණ දණ්ඩනය හිමි නොවී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු බාල වයස්කරුවෙකු නිසා බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
එරට දෙවියන් ඇතුළු ආගමට අදාළ යැයි සැලෙකන දෑ වෙත අගෞරවයක් වන පරිදි ක්‍රියා කිරීම හෝ ඒ සම්බන්ධව අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවයි පැවසෙන්නේ.
එම සිසුන්ගේ දෙමාපියන් මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකශ කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
2025 අගෝස්තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්තු 24, පෙ.ව. 12:02
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25