2024 මාර්තු 18, ප.ව. 3:38
මෙවර අලුත් අවුරුදු නැකැත් වේලාවන්හි කිසිදු ගැටලුවක් නොමැති බව රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයින් අවධාරණය කළා.
ඒ, සියලු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී.
සූර්ය සංක්‍රාන්තියේ ස්වභාවයට සාපේක්ෂව වඩා හොඳ නැකතක් සෑදිමට අවශ්‍ය නිසා ප්‍රායෝගික නොවුනත් මෙම නැකත් වේලාවන් යොදා ගත් බවයි රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජික ජෝතිර්වේදී ජී.එම් ගුණපාල පවසන්නේ.
එමෙන්ම මෙම නැකත් ඉතාම සාර්ථක සුබ නැකතක් බවත් ඔහු පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ රාත්‍රි 9.05ට සූර්ය සංක්‍රාන්තිය සිදුවීම රාත්‍රි 9.30ට හෝ 10 ට ගැනීමට හැකි නමුත් එලෙස ගැනීමේ හැකියාවක් නැති බවත් එයට හේතුව රාහු කාලය එම කාලයන් තුල තිබෙන බවත් රාහු කාලය සියලු දේට අසුබ බවයි.
ඇතැම් පුද්ගලයන් මෙම නැකත් හොඳ නැති බව පවසන්නේ ඇතැම් විට ඌණ බුද්ධියක් හෝ ශාස්ත්‍රය හරි හැටි නොදන් නිසා බවත් ශ්‍රාස්ත්‍රය නිවැරදිව දන්නා අයෙක් කිසිම දිනෙක මෙම නැකක් හොඳ නැතැයි පවසන්නේ නැතැයිද ඔහු පවසනවා.
රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජිකයෙකු වන ඒ.කේ.යූ. සරත්ද්‍රන්ද්‍ර අදහස් දක්වමින් මෙහිදි පැවසුවේ යක්කු ගස් නගින වෙලාවට නැකත් හැදුවා යැයි සමහරුන් පැවසුවාද යක්කු ගස් නගින වේලාවක් කොතැනක හෝ තිබේදැයි ප්‍රශ්ණ කරන බවයි.
ඔහු එහිදි අදහස් දක්වමින් පවසන්නේ රෑ 12ට පමණක් නොව දහවල් 12ටද යක්කු ගස් නගින බවත් රෑ තිබෙන්නේ යක්කුන්ගේ වේලාව නොව දෙවියන්ගේ වේලාව බවත් රාත්‍රි 10.10න් පසු තිබෙන්නේ දෙවිවරුන්ගේ වේලාව බවයි.
එම නිසා මෙවර අලුත් අවුරුදු නැකත් පතෙහි කිසිදු වරදක් හෝ දෝශ සහගත තත්ත්වයක් නැතැයිද ශාස්ත්‍රය හරි හැටි නොදන්නා ඇතැම් පුද්ගලයන් විසින් ගෙනියන මතවාදයන්ට රැවටී කටයුතු කිරීමෙන් වළකින ලෙසත් රාජ්‍ය නැකත් කමිටුව මෙහිදි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී ඔවුන් සඳහන් කළේ සිය කමිටුව මගින් ප්‍රකාශයට පත් කළ නැකැත් වේලාවන් විශ්වාසය තබන ලෙසයි.
මෙවර අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06
14-04-25
14-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
31-03-25
31-03-25
19-04-24
19-04-24
18-04-24
18-04-24
17-04-24
17-04-24
17-04-24
17-04-24