hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 20, ප.ව. 6:51



ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමටයි.

ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ඒ අනුව කෙටි පණිවිඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි වෙන පාරිභෝගිකයින්හට සුපුරුදු පරිදි මෙම බිල්පත මඟින් විදුලි බිල්පත් ගෙවීමට හැකියාව ලැබෙන බව ද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: