hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 22, ප.ව. 1:20



මෙරට තුල යාත්‍රා සහ ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන රජය සතු එකම සමාගම වන සීමාසහිත සීනෝර් පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කල ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කරමින් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුනේ ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්තගෙන් එල්ලවන නිරන්තර තර්ජන හමුවේ තමා එම තීරණය ගත් බවයි.

එමෙන්ම එම පදනම පාඩු ලබමින් සිටින කාල සීමාවක එහි වගකීම බාරගත් හෙතෙම, එය ලාභ ලබන මට්ටමටම ගෙන ආ බවත් ලිපියේ ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.