hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 මාර්තු 26, පෙ.ව. 8:24



පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විශේෂ දැනුම්දීමක් සිදු කළා.

ඒ එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ  ඇති බවයි.

එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ  එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින් කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදු කළ හැකි බව ය.

මෙම අවුරුදු කාල සීමාවේ දී දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බව ඒ මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකය අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවත් අනතුරුව එම තොරතුරු මත උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: