hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 27, ප.ව. 8:32



බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව තිබේ.

ඔහුට ලබන 29 වනදා ආරම්භ වන බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අහිමිව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.