hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 29, පෙ.ව. 10:17



මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබා ගැනීමට පැමිණි මීගමුවේ පුද්ගලයකු එහි සිටි 15 හැවිරිදි දැරිය හැඬූ කඳුලෙන් ඔහුට කී ප්‍රශ්නය නිසා හිත උණුවී ආපසු පිටතට ගොස් ඇති බව හෙළි වූයේ යැයි මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පුවත්පතකට පැවසුවා.

‘ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න’ යැයි එම තැනැත්තා ඇයට කියමින් සිය දුරකථන අංකය ද ඇතුළත් කාඩ්පතක් ඇයට දී ඇතැයි පොලිසිය පවසයි.

මේ අනුව එම තැනැත්තා පොලිසිය මගින් ගෙන්වා ගෙන ඔහුගෙන් කට උත්තරයක්ද ගෙන තිබෙනවා.

මේ අහිංසක කෙල්ල දැකල මට හුඟාක් දුක හිතුණා. ඇය හඬන්නට පටන් ගත්තා යැයි ඔහු පවසා තිබෙනවා.

මෙම 15 හැවිරිදි දැරිය ගෙදරින් තරහ වී එද්දී ඇගේ ඥාතීයෙකු මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇය භාරදී ඇත්තේ රුපියල් 15,000 ක මුදලකට බවද පොලිස් අධිකාරි චරිත් පෙරේරා මහතා සඳහන් කළා.

පොලිසිය මෙම වැටලීම කිරීමට දින තුනකට කලින් ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තිබීම නිසා ඇය වැඩි කාලයක් එහි සේවය කර නැතැයි ද පොලිසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: