2024 මාර්තු 31, පෙ.ව. 12:19
රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට විරුද්ධව අදහස් පළකිරීම හේතුවෙන් ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට පුවතක් වාර්තා කරනවා.
ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා එම පුවත්පත වෙත පවසා ඇත්තේ රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව විවේචනය නොකරන ලෙසටත්, විකල්ප නැකැත් ඉවත්කර ගන්නා ලෙසටත්, එසේ නොකළහොත් මරා දමන බවටත් විවිධ ක්‍රම මගින් තමාට මරණීය තර්ජනය එල්ල වන බවයි.
මෙලෙස විවිධ පුද්ගලයන් නිර්නාමිකව එල්ල කරන තර්ජන පිළිබඳව තමා පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කළ බවද ඔහු සඳහන් කර තිබුණා.
ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් වැඩි වශයෙන් විවේචනය කරනු ලැබූයේ තමන් බවත් ඒ හේතුවෙන් මේ වන විට තමාට මහමඟ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වූ බවත් රොෂාන් චානක තිසේරා මහතා පවසනවා.
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ රාත්‍රී කාලයට අවුරුදු නැකැත් යෙදෙන පරිදි රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීම තුළ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන්ට තනි තනිව තම තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමට සිදුව ඇති බවයි.
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීමට පසුගිය කාලසීමාවේ තමා විශාල වැඩකොටසක් සිදුකළ බවත් මේ පිළිබඳව රාජ්‍ය නැකැත් කමිටුවේ ඇතැම් සාමාජිකයන් උරණ වී සිටින අතර විකල්ප අදහස් ජනගත වීම වැළැක්වීමට ඔවුන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවත් රොෂාන් චානක තිසේරා මහතා පවසා තිබුණා.
එමෙන්ම, තමාට තවදුරටත් ජීවිත තර්ජන එල්ල වුවහොත් රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ට විරුද්ධව නීත්‍යනුකුලව පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරනවා.
2025 මාර්තු 14, පෙ.ව. 10:52
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
2025 මාර්තු 14, පෙ.ව. 12:05
19-04-24
19-04-24
18-04-24
18-04-24
17-04-24
17-04-24
17-04-24
17-04-24
17-04-24
17-04-24
16-04-24
16-04-24
16-04-24
16-04-24
15-04-24
15-04-24
15-04-24
15-04-24
15-04-24
15-04-24
14-04-24
14-04-24
14-04-24
14-04-24