hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 01, ප.ව. 5:10



සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ දැනුම්දීමක් කර ඇත.

නීතිවිරෝධී ලෙස රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙසත් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් රුසියානු හමුදාවට එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව සදහන් කරයි.

රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා මියගොස් ඇති  බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

එනිසා මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.