2024 අප්‍රේල් 07, ප.ව. 1:57
ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංගට 2024 IPL තරගාවලිය අහිමිව ගොස් තිබේ.
වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව පසුවිය.
ඔහු බංග්ලාදේශය සමඟ පැවැති එක්දින හා T20 තරගාවලිය අතරතුර විලුඹේ ආබාධයකට ලක්වීම නිසා මෙවර IPL තරගාවලියේ අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
මෙම ආබාධය නිසා වනිඳු හසරංග මෙවර IPL තරගාවලියට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
වනිඳු මෙම ආබාධය සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41