2024 අප්‍රේල් 12, ප.ව. 4:04
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සමාජ සුභසාධන අංශය මගින් පවත්වාගෙන යන දඹුල්ල වැඩිහිටි නිවාසයේ සිටින මව්පියන් හට සිංහල අලුත් අවුරුදු උත්සවයක් ඊයේ දවස පුරා එම වැඩිහිටි නිවාස භූමියේ දී පැවැත්විණි.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගේ සංකල්පයක් මත එහි සමාජ සේවා අංශය වැඩිහිටි නිවාසයේ භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කොට තිබුණු මෙම අවුරුදු උත්සවයේ කවුරුත් නොමැති අසරණව සිටින ආදරණීය අම්මාවරුන් සහ පියවරුන් වෙනුවෙන් දවස පුරාමක් විනෝදාත්මක ක්‍රීඩාවන් මෙන්ම ඔවුන් වෙනුවෙන් සංගීත සාදයක් ද සංවිධානය කොට තිබිණි.
ඒ අනුව සිනහසීම, ඇඩිම, බැලුන් පිපිරවීම, සූප්පුවෙන් කිරි බීම, මුට්ටිය බිඳීම, අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමාරි තේරීම ආදී තරග රැසකින් දවස පුරා මෙම වැඩිහිටි වාසයේ සිටින දූ දරුවන්ට ඥාතීන්ට එපා වූ පියවරුන් විනෝද කොට රාත්‍රී සංගීත සාදයක් ද පැවැත්වීම් විශේෂත්වයකි.








2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26