hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 12:04



සුජානි මේනකා එහෙමත් නැත්නම් සතෙන් සතේ ඉතිරි කරපු පුංචි කෙල්ල කිව්වහම නම් හැමෝම මෙයාව දන්නවා.දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කලාව තුළ ඉන්න සුජානී නිතරම ටෙලි නිර්මාණත් එක්ක පේන්න ඉන්න කලාකාරිනියක් නෙවෙයි.

ඇය කැමති නෑ ඕනවටත් වඩා කාර්යබහුල වෙන්න.එනිසාම තෝරා බේරා ගත් හරවත් නිර්මාණ එක්ක විතරයි සුජානිය එකතු වෙන්නේ.ඉතින් සුජානි මේනකා විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වූ බිමල් ජය කොඩි සමග කියන්නත් හැමෝම දන්නවා.

ඉතින් මේ දෙන්නා මේ වෙද්දි අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙනවා. ඒ බොහොම ආදරෙන් ඒ වගේම දෙදෙනාම තේරුම් ගැනීමෙන්.මෙහෙම ජීවත් වෙද්දී සමාජයේ බොහෝ දෙනා අහන්න පටන් ගත්තා සුජානිට සහ බිමල්ට තාමත් ළමයි නැත්තේ ඇයි කියන දේ.ඉතින් මේ දේවල්වලට ප්‍රසිද්ධියේ සුජානි කවදාවත් උත්තර දුන්නේ නෑ බිමලුත් ඒ ගැන කතා කළේ නෑ. මොකද දෙන්නට දෙන්නා ආදරේ නිසා බොහොම සතුටින් ඒ දෙන්නා ජීවිතය ගත කරන නිසා. ඒත් එක්තරා අවස්ථාවකදී සුජානී ඒ පිළිබඳව වේදනාත්මකව ප්‍රකාශයක් කරලා තිබුණේ මේ විදිහටයි.

“මගේ ජීවිතයේ මව කියන හැඟීම මම එක්තරා කාලයකදී වින්දා.හැබැයි එක්තරා තැනකදි අවාසනාවන්ත විදිහට මට ඒක නැති වෙනවා.ඒ වගේ කාලෙකදි මගේ ස්වාමියා මට සලකන්නේ කොහොමද කියන පරිච්ඡේදයත් මම අත්විඳපු කෙනෙක්.ජීවිතයට හැමදේම ලැබුණේ නෑ කියලා අපි දුක් වෙන්න ඕනි නෑ.තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්නත් පුළුවන්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: