2024 අප්‍රේල් 14, ප.ව. 4:44
රජයේ අනුමත පෞද්ගලික පාසල් අනූපහෙන් පසුගිය වසරට අදාළ ආදායම් වියදම් වාර්තා මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයට එවා ඇත්තේ පාසල් පහකින් පමණක් බවයි වාර්තා වන්නේ.
ජනවාරි මස අවසානයට පෙර ආදායම් වියදම් වාර්තා එවීම අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර, ඒ බව චක්‍රලේඛයක් මගින් සියලු පාසල්වලට දන්වා ඇත.
කලාප අධ්‍යාපන කාර්යාල බලධාරීහු පවසන්නේ, මෙම ආදායම් වියදම් වාර්තාවලට අදාළ චක්‍රලේඛය එම පාසල් උල්ලංඝනය කරන්නේ එම පාසල්වල සැබෑ ආදායම් හෙළිවීම වළක්වා ගැනීමට බවයි.
මෙතෙක් එම වාර්තා එවා ඇත්තේ, කොළඹ හා මහනුවර පාසල් දෙක බැගින් සහ යාපනයේ පාසලක් පමණක් බවයි පැවසෙන්නේ.
විද්‍යාලය වෙනුවෙන් පවත්වාගෙන යන බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු, ශිෂ්‍ය ගෙවීම්, ආදි ශිෂ්‍ය, දෙමව්පිය හා බාහිර පෞද්ගලික පරිත්‍යාග, පිහිනුම් තටාක ආදායම්, ක්‍රීඩා තරගවල ප්‍රවේශ පත්‍ර ආදායම්, පාසල් පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන වෙළෙඳ ව්‍යාපාර ආදායම් හා පරිශ්‍රයේ ගහකොළවලින් ලැබෙන ආදායම් ද අමාත්‍යාංශයට දැනුම් දිය යුතුව ඇත.
අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ගොඩනැගිලි හා වෙළෙඳසල් අලුත්වැඩියා සහ නඩත්තු ඇතුළු වියදම්ද අමාත්‍යාංශයට ලබා දිය යුතු වනවා.
මීට අදාළ චක්‍රලේඛය පසුගිය 2005 වසරේ ඔක්තෝබර් මාසයේ දී නිකුත් කර තිබෙන අතර, එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට අදාළව සිහි කැඳවීමක් කරමින් පසුගිය 2022 වසරේ මැයි මාසයේ දී නව චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24