hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 12:09



දින හතරක් ඇතුළත යුද හමුදා සාමාජිකයන් 3,979ක් ඔවුන් සේවය කරමින් සිටි රෙජිමේන්තු කඳවුරුවලට භාරවී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එම පිරිස අතරින් හමුදා සාමාජිකයන් 05 දෙනකු විදේශ රටක සිට ඒ සඳහා කටයුතු සැලසුම් කර ඉල්ලා අස්වීම භාරදී ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

භාරවන හමුදා සාමාජිකයන් සියලුම දෙනා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර අයවිය යුතු මුදලක් වේ නම් ඒ පිළිබඳ තීරණ ගැනීමට දින 03ක මූලික පරීක්ෂණයක් සිදුකර අස්වීම් භාරගන්නා බවද සදහන් කරයි.

පලාගිය හමුදා සාමාජිකයන්ට භාරවීම සඳහා පසුගිය (20) වැනිදායින් ආරම්භ වූ පොදු සමා කාලය එළඹෙන මැයි (20) වැනිදායින් අවසන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: